Our Vision

Rangiri Sri Lanka Media Network

Our Vision - අපගේ දැක්ම




✒ ශ්‍රාවක සමූහයාගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කරමින්‌ නව දැනුම්‌ සම්භාරයක්‌ මෙන්ම අත්දැකීම්‌ සමුදායක්‌ ලබාදීම.

✒ අපටම ආවේනික සමාජීය හා සදාචාරාත්මක හර පද්ධතීන්ද, ජාතික හා සංස්කෘතික ගුණාගංයන්‌ ද, ප්‍රවර්ධනය කරමින්‌ විවිධ ජනකොට්ඨාශ අතර ජාතික සමගිය හා සාමකාමී සහ ආගමික සහ ජීවනය ස්ථාපනය කිරීම.

✒ ශ්‍රී ලංකාවේ විවිධ ජන කොට්ඨාශ හා අවශේෂ ලෝකවාසීන්‌ අතර අනෝන්‍ය බැඳීම, විශ්වාසය, ගෞරවය අවබෝධය හා මිත්‍ර සන්ධානය පෝෂණය කිරීම.

✒ ජනතාවගේ සිත්‌ සතන්‌ තුළ චිත්ත ධෛර්ය, දේශනුරාගය හා ජාතික අනන්‍යතාවය පිළිබඳ හැඟීම්‌ වඞ වඩාත්‌ මෝදු කිරම හා බෞද්ධාගමික පරිසරය වඩ වඩාත්‌ ශක්ති සම්පන්න කිරීම.

✒ මුළු මහත්‌ ජාතියේම සද්චර්යාව හා ආධ්‍යාත්මික ශක්තිය උද්දීපනය කිරම හා අවිහිංසාවාදී පිළිවෙතෙහි පිහිටා කටයුතු කිටමට අවශ්‍ය අනුබලය ලබා දීම

✒ මත්ද්‍රව්‍ය හා විවිධාකාර නොමනා ක්‍රියාවන්‌ හා දුරාචාරය ජන සමාජයෙන්‌ මුළිනුපුටා දමා දුෂ්චරිතයන්ට ඇබ්බැහි වූ, පුද්ගලයන් පුනරුත්ථාපනය කොට නීතිගරැක ආදර්ශවත්‌ හා වැඩදායක පුරවැසියන්‌ බවට පරිවර්ථනය කිරීම.

✒ නීත්‍යානුකූල මානව අයිතිවාසිකම්‌ සුරක්ෂිත කිරීම, මුළු මහත්‌ දේශයේ හා සමාජයේ ප්‍රජාව වෙත පැවරී ඇති වගකීම්‌, බැඳීම්‌, යුතුකම් හා කැපවීමි සම්බන්ධයෙන්‌ ජනතාවට නිසි අවබොධයක්‌ ලබාදීම.

✒ අනේක විධ තාඩන පීඩන හා මිලේච්ජ ක්‍රියාවන්ට ගොඳුරු වූ ළමා පරපුරේ සුභ සිද්ධිය උදෙසා උදාර මෙහෙවරක්‌ ඉටුකිරීම හා ඔවුන්ගේ දුක්‌ කම්කටොළු වලදී අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මක වීම

✒ තරුණ පරපුරේ සහජ බුද්ධිය, කුසලතාවයන්‌ හා ප්‍රතිභා මහිමය ඔප මට්ටම්‌ කරමින්‌ සංවර්ධන විභව්‍යතාවයන්‌ හා ක්‍රියාවලීන්‌ සම්බන්ධයෙන්‌ ඔවුන්‌ දැනුවත්‌ කිරීම, තාක්ෂණ ශිල්පීය දැනුම ලබා දී ස්වයං රැකියාවන්හි නියුක්තවීමට තරැණ පෙළ දිරි ගැන්වීම.

✒ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවමින්‌ ඔවුන්‌ උදෙසා ස්වයං යැපීමි මට්ටමකට පත්‌ කිරීම හා එමගින් ඔවුන් උදෙසා සමෘද්ධියේ නවෝදය උදා කිරීම


”සැබෑ මාධ්‍ය සංස්කෘතියක පෙරගමන්කරු”