History

Rangiri Sri Lanka Media Network

History



 

සැබැ මාධ්‍ය සංස්කෘතියක පෙර ගමන්කරු...

රංගිරි ශ්‍රී ලංකා යනු දිගු සිහිනයක ප්‍රතිඵලයකි. එමෙන්ම ජාතික අවශ්‍යතා ධුරාවලියෙහි වෙසෙසින්ම එහි උපවිඤ්ඤාණයෙහි බොහෝ කලක් සනිටුහන්ව තිබු ජාතික අවශ්‍යතාවක් සපුරාලිමකි.
නිර්මල බුදු දහම සුරක්ෂණය කිරිම හා පෝෂණය කිරිම මෙන්ම සවිමත් පදනමක් ඔස්සේ මානවීය සහෝදරත්වය ජගත් ප්‍රජාව වෙත මින් රැගෙන යා හැකි බව අපගේ පුර්ණ විශ්වාසයයි.
රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය හෙළ බෞද්ධ සංස්කෘතික ගතිආරත්, ජන ආධ්‍යාත්මයේ විචිත්‍රත්වය හා පෞර්ෂයත් උද්දිපනය කිරිම මුඛ්‍යාධ්‍යාංශය කොට ගනිමින් ඇරඹි මාධ්‍ය ආයතනයකි.
වර්තමානයේ වාණිජත්වය ගාමක බලවේගය කොට ගෙන විද්‍යුත් මාධ්‍ය ලෝකය පරිහානියේ මුවවිටට පැමිණි ඇති යුගයක එය ඉන් මුදවා සාරාර්ථයෙහි ප්‍රතිෂ්ඨාපනය කිරිම අපගේ ඒකායන අපේක්ෂාව වේ.එම අභියෝගය හමුවේ අප සැම විටම ‘‘සම්ප්‍රදාය ගරු කොට ගනිමින් නව්‍යත්වය ශික්ෂණයෙන් යුතුව භාවිත කරමින් ‘‘ අපේක්ෂිත අරමුණ කරා ගමන් කරමින් සිටි.
‘‘රංගිරි ශ්‍රී ලංකා‘‘ නම් අභිමානනීය සේවා නාම්‍ය යටතේ රටමැද ‍ ඵෙතිහාසික රංගිරි දඹුලු පුද බිම කේන්ද්‍ර කොට ගෙන රංගිරි ශ්‍රී ලංකා පුවත්පත 2004 වසරේදී ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව 2007 වසරේ අප්‍රේල් මස 30 වන දින රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ ගුවන් විදුලිය ලෙස ආරම්භ වු අතර ඉන් පස්වසරකට පසු එනම් 2013 මැයි 01 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම සංස්කෘතික හා අධ්‍යාපනික රුපවාහිනිය ලෙස රංගිරි ශ්‍රී ලංකා රුපවාහිනිය ආරම්භ කරන ලදි. ඉන් නොනැවතුණු අප නිවැරදි ජනමාධ්‍ය භාවිතාවක් උදෙසා, යහපත් මාධ්‍ය වෘත්තිකයින් පිරිසක් රටට බිහි කිරිම අරමුණ කරගනිමින් 2012 වසරේදී රංගිරි ශ්‍රී ලංකා ජන මාධ්‍ය විද්‍යාලය ආරම්භ කරන ලදි.
සෙමින් අඩි තබා....
ආපසු හැරි බලමින්....
බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලද රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය ‘‘සෑබැ මාධ්‍යයක පෙර ගමන්කරුවා වෙමින්‘‘හෙට දවසේදීත් ඔබට මිත්‍රත්වයේ දැත දිගු කරන්නෙමි. ඔබ අපේ වටිනාකමයි.....

තෙරුවන් සරණයි.