FM 104.4 Gammaduwa, Deniyaya FM 105.7 Nayabadha, Hnnasgiriya, Yatiyanthota
... SMS 0713 160 160

Other Links

...

Mobile App

Download Rangiri Live TV App to your Android device
...

රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය

රංගිරි ශ්‍රි ලංකා මාධ්‍ය ජාලයේ ලාබාලම සහෝදර නාලිකාව රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය

   දේශයේ රං පහන් ටැඹ ජනහිතකාමි , පොදු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් අදාළ මාධ්‍ය මෙහෙවරක් උදෙසා අධ්‍යාපනික හා සංස්කෘතික රූපවාහිනි සේවා සපයන මෙරට පුරෝගාමි සංහතික සන්නිවේදන මාධ්‍යයකි. උදෑසන ශ්‍රි දළදා මාලිගාවේ තේවා හඩ ඔබගේ දෙනුවනට දෙසවනට මුසු කරමින් දිනපතා පෙ.ව. 5.00 ට රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය ඔබේ නිවසේ රූපවාහිනි තිරය අලංකාර කරන්නේ සිත් පහන් කරමිනි. ධම්ම පදයේ ගාථාවකින් ලෝවැඩ සගරාවේ කවියකින් ජය මංගල ගාථාවකින් උදෑසන හෝරාව අලංකාර වෙයි.


විකාශන කාලය

    දිනපතා පෙ.ව. 05.00 සිට රාත්‍රි 10.30 දක්වා පැය 17.30 සේවා සපයයි. පවුලේ සැවෙම එකට එක්ව දවස පුරා නැරඹිමට විවෘත සිරිලක එකම ගෘහස්ථ මාධ්‍යය රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය.

අපේ වැඩසටහන් පෙළ ගැස්මේ ආගම්ක නැඹුරුවකට යොමු වැඩසටහන්.

  • සදහම් අමා දහර
  • පෙ.ව 06.30 ප.ව 06.30

    දිනපතා

    ධර්මාවබෝධය උදෙසා ධර්මදර විනයදර ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව.
  • බුද්ධි ප්‍රභා
  • රාත්‍රි 09.00

    බදාදා

    ජිවිතයේ ගැටළු පිළිබදව බුදු දහමට අනුව කෙරෙන ගමන ධර්මානුකූලව පිලිතුරු ලබා දෙන වැඩසටහනකි. ප්‍රේක්ෂකයින් වෙතින් ලැබෙන ලිපි අතරින් තෝරා ගැනෙන පොදු ප්‍රශ්න දෙස ආචාර්ය පුජ්‍ය දානියගම ආනන්ද හිමිපානෝ විසින් ඔබව ඥාණනය කරනු ලැබේ. සාලිය ගුණසේකර විසින් මෙහෙය වනු ලැබේ.

    "ඹබගේ දහම් ගැටළු මෙම වැඩසටහනට යොමු කරන්න. "
    නිෂ්පාදක,
    බුද්ධි ප්‍රභා,
    රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය,
    දඹුල්ල.

  • සදහම් දිපනි
  • රාත්‍රි 09.00

    ඉරිදා

    සුවාසු දහසක් ධර්මස්කන්දයෙන් බිදක් පිළිබදව ආචාර්ය දානියගම ආනන්ද හිමිපානන් ඹබව දැනුවත් කෙරෙන හෝරාවයි.
  • සසර ඉම
  • ප.ව 6.30

    සිකුරාදා

    සිත සන්සුන් මගට යොමු කෙරෙන නිවනට මග පාදන භාවනාව ප්‍රගුණ කරන්න. පුජ්‍ය මිහිරිපුර ධම්මප්‍රදිපා භික්ෂුණින් වහන්සේ ඔබ භාවනා මග පෙන්වා දෙයි.
  • සසුන
  • රාත්‍රි 9.30 | නැවත විකාශය අගහරුවාදා රාත්‍රි 7.30

    සදුදා

    සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා අප්‍රමාණ දායකත්වය ලබා දෙන පැවිදි ගිහි උතුමන් හා සංවිධාන වලින් සිදුවන මෙහෙවර ඇගැයිමට ලක් කෙරෙන සාකච්ජාමය වැඩසටහනකි.
  • තාරුණයට දර්ශනයක්
  • ප.ව.05.00ට“

    බ්‍රහස්පතින්දා

    බ්‍රහස්පතින්දා පස්වරු 05.00ට ඔබත් ආලින්දයට එන්න. යොවුන් ඔබ වෙනුවෙන් වෙන් කර ඇති හෝරාව නරඹන්න. අද වැඩිහිටියන් වි සමාජයට මෙහෙවරක් කරන විද්වතුන් සමාජ සත්කාරක සේවා සලසා විද්වතුන්ගේ අත්දැකිම් තරුණ තරුණියන්ට හෙළි කරන අතර තරුණ ඔබගේ විවිධ කුසලතා පිළිබද ව අනාවරණය කිරිමටත්, ඒ මගින් සමාජයට පණිවිඩයක් ලබා දිමටත් අවස්ථාව ලබා දෙන වැඩසටහනකි තාරුණයට දර්ශනයක්.
  • තෙවැනි ඇස
  • රාත්‍රි 9.30

    සිකුරාදා

    දේශපාලනයෙන් ඔබ්බට නිදහස් මත ප්‍රකාශයට ඉඩක්
    නිතිඥ එච්.එම්.අබයරත්න සමග
  • සුව සෙවන
  • උදෑසන 8.00

    සතියේ ඉරිදා,සදුදා,බදාදා,සිකුරාදා

    සුව සෙවන සදහා මග පෙන්වන බටහිර වෛද්‍ය සාකච්ජාව,එදිනෙදා ජිවිතයේ යහපත් සෞඛ්‍යයට අත්වැලක්. වෛද්‍ය සුදර්ශන අරඹගෙදර සමග විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන් දායකත්වය දක්වයි.
  • බිහි දොර
  • උදෑසන 08.00 ට

    සතියේ අගහරුවාදා බ්‍රහස්පතින්දා

    උපාලි ගමගේ මහතා මෙහෙය වන මෙම වැඩසටහන දේශියත්වයෙන් අපේකම පිළිබද විවිධ විෂය ක්ෂත්‍රයන් ඔස්සේ විද්වත් සාකච්ජාව.
  • රංගිරි රංකෙත
  • රාත්‍රි 09.00 ට

    බ්‍රහස්පතින්දා

    තවමත් නගරයෙන් පිටත ගම්වල වෙසෙන බොහෝ හුදි ජනයින්ට ගොවි ගෙදර - ගම ගෙදර -වෙද ගෙදර හැන්දෑවට කෙරෙන කථා බහ ආධුනික නොවේ. රාළ ගොවි ගෙදරට ගොඩවෙන අඩ හෝරාව.
  • සිත්යාය
  • ප.ව.05.00ට“

    බ්‍රහස්පතින්දා

    සොදුරු විවේකි සෙනසුරාදා ශ්‍රි ලංකා රූපවාහිනයෙන් දිලංක රණසිංහ නම් නැගි එන සන්නිවේදකයා ගිතමය රසාස්වාදාය රුගෙන එන එසැණින් විකාශනය වන වැඩසටහන සිත් යායයි.

    ඔබට ද එසැනින්ම (සජිවි) කතා බහට එකතු වන්න පුලුවන් හෝරාවකි. ආධුනික හා නැගි එන ගායක ගායිකාවන්ගේ හරවත් ගිතවලට ද සිත් යාය ඉඩ ලබා දෙයි.

  • සම්බුද්ධ වන්දනා
  • පස්වරු 06.00ට

    නොවරදවාම සම්බුද්ධ වන්දනාව වෙනුවෙන් විනාඩි 30 ක් වෙන් කෙරේ.
  • කෘෂි කාර්මික වැඩසටහන
  • උදෑසන 09.00ට

    සෙනසුරා හැර සෑම දිනකම

    ගොවිබිමට අරුණලු, මිහිකත දිනුවෝ, කෙත බත කමත සදහා වෙන් වේ.
    කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය,දෘෂ්‍ය අංශයේ නිෂ්පාදනයක් වන මෙම වැඩසටහන් මාලාව ගොව් මහතුන්ට අවශ්‍ය උපදෙස් හා දැනුම ලබා දෙන උපදේශාත්මක වැඩසටහනකි.
  • සම්භාවනා
  • රාත්‍රි 08.30 ට

    බ්‍රහස්පතින්දා

    මානසික සෞඛ්‍ය පිළිබද ව විග්‍රහ කෙරෙන අඩ හෝරාව සදහා දේශිය මනෝ වෛද්‍ය එම්.ඩි.එස්.මාරසිංහ මහතා සම්පත්දායකත්වය සලසයි.මාධ්‍යෙව්දි බ්‍රැඩිමන් ජයවිර සාකච්ජාව මෙහෙයවයි.
  • දෙහොරාව දරුවන්ගේ දැනුම , විනෝදය සදහා වෙන් කෙරේ.
  • පස්වරු 4.00 – 06.00

    සතියේ සැම දිනකම

    • ළමා ගි • කාටුන් • ඉංග්‍රිසි අධ්‍යාපනික වැඩසටහන • ළමා චිත්‍රපට ඇතුලත් වේ.
  • පොහොදා වැඩසටහන්.
  • නිෂ්පාදක,
    බෞද්ධ ප්‍රවෘත්ති,
    රංගිරි ශ්‍රි ලංකා රූපවාහිනිය,
    දඹුල්ල.
    සදහම් අමා දහර ධර්ම දේශනා ,අටසිල් හා බුද්ධ වන්දනාව,ජාතක පොතෙන් කථාවක්,කාව්‍යමය ධර්ම දේශනාව ඇතුලු ආගමික වැඩසටහන් හා බෞද්ධ ප්‍රවෘත්ති අතුලත් විඩියෝ , නිශ්චල ඡායා රූප සමග විස්තර වාර්තා අපට යොමු කරන්න.

Other Links

Golden Temple

Visit Site

PEO Tv
CH 22 Island Wide

More Info

Request Song


Latest Requests From
message user image
tashaki2
message user image
Christmas Piano
message user image
Christmas Piano




Rangiri Sri Lanka Media NETWORK