FM 104.4 Gammaduwa, Deniyaya FM 105.7 Nayabadha, Hnnasgiriya, Yatiyanthota
... SMS 0713 160 160

ජාතික සංහිඳියාව ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන අද සිට ක‍්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර තිබේ. වර්ගීකරණය කළ කසල පමණක් අද සිට එකතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරයි. යහපාලන රජය, දින සියය තුළ විශාලතම මුදල් වංචාව සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා චෝදනා කරයි. දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දකුණු, මධ්‍යම, බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල තද වැසි බලාපොරොත්තු විය හැකිය. ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.පසුගිය දා පැවති දීපාවලි උත්සවයට රතිඤ්ඤා සහ අනෙකුත් ගිණිකෙළි දැල්වීමෙන් වාතයට මුසු වු දුමාරය හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

Other Links

...

Mobile App

Download Rangiri Live Radio App to your Android device
...

රංගිරි ශ්‍රි ලංකා ගුවන් විදුලිය

   ගුවන් විදුලිය වු කලි අතිශය විශ්මය ජනක වු විද්‍යුත් මාධ්‍යයකි. එමෙන් ම එය වර්තමාන සමස්ථ මානව වර්ගයා හා ඓන්ද්‍රියව බද්ධ වෙමින් එකී සමාජ සංවර්ධනය කෙරෙහි අඩු වැඩි වශයෙන් දායකත්වය සපයන පොදු ජන සංනිවේදන කාර්යයකි. දියුණු වෙමින් පවතින රටවල බහුතරයක් ජනතාව ගුවන් විදුලිය තාමත් ඔවුන්ගේ අතිජාත ජීවන සහකරුවා ලෙස සළකනු ලබයි. ඒ ඔවුන්ට තොරතුරු සමිපාදනයෙන් , ද්විතීය අධ්‍යාපනයෙන් පෙළඹවීම හා විනෝදාශවාදය සම්පාදනයෙන් ප්‍රබල කාර්යය භාරයක් ගුවන් විදුලියෙන් ඉටුවන නිසාවෙනි. එය අද රටේ ජනතාව ආත්මීයව පෝෂණය කිරිමට සෘජු ලෙස දායකත්වය ලබා දේ. මෙකී ගමන් මගක සැබැ මාධ්‍ය සංස්කෘතියක පෙර ගමන්කරු වෙමින්, බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලද රංගිරි ශ්‍රි ගුවන් විදුලියට කටයුතු කරන්නට ලැබීම අප ලද ජයග්‍රහණයකි. අප සැම විට ම කටයුතු කරන්නේ සම්ප්‍රදාය ගුරු කොට ගනිමින් නව්‍යත්වය ශික්ෂණයෙන් යුතුව භාවිතයට ගනිමිනි. ඒ බව අපගේ වැඩසටහන් වලින් තහවුරු කර තිබෙනවා. සැම විට ම ශ්‍රාවකයාට හරවත් දෙයක් ලබා දීමට අප කටයුතු කරන අතර, නාලිකා අතර සංඛ්‍යාත්මකව අංක එක බවට පත් වීමේ තරගයක් අපට නැහැ. අපට තරගය ඇත්තේ යහපත් ගුවන් විදුලි භාවිතාවක් වෙනුවෙනි. ඒ වෙනුවෙන් අප සැම විට ම ශ්‍රාවකයාට තොරතුරු, අධ්‍යාපනය හා ශිෂ්ට සම්පන්න විනෝදාශ්වාදය සපයන අතර, යහපත් සමාජයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවර ඉටු කරන අතර ම, ශ්‍රී ලාංකික අනන්‍යතාවය, සංස්කෘතික වටිනාකම හා ජාතික භාෂා වල නිවැරදි භාවිතය ද අප ගුවන් විදුලියෙහි සුවිශේෂත්වයයි. මේ සියල්ලට ම ආශිර්වාදය හා සුහදත්වය දැක්වු ශ්‍රාවකයන්ට අපගේ කෘතවේදීත්වය ඵල කර සිටින අතර, ඒ මිත්‍රත්වයේ දෑත හෙට දිනයේදීත් අපව ශක්තිමත් කරනු ඇතැයි විශ්වාස කරමු. ඔබට තෙරුවණ් සරණයි!


Live Radio

අපේ වැඩසටහන් පෙළ ගැස්මේ ආගම්ක නැඹුරුවකට යොමු වැඩසටහන්.

  • ශනිදා සංවාදය
  • පෙ.ව.08.30 – පෙ.ව.10.30

    සෙනසුරාදා

    ලලිත කලාවේ අප අත් විදින ජනප්‍රිය ස්වරූපයෙන් ඔබ්බට එහි විෂය මූලයන්ගේ හරය සහ ගැඹුර සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, සංගිතය/සාහිත්‍යය/ගිතය/ගුවන් විදුලි මාධ්‍යය/පුවත්පත් මාධ්‍යය/කවිය සහ විෂයයන් අප සාකච්ඡාවට බදුන් කරන්නෙමු. කලාව අරාජික වූ අද්‍යතන මානව්‍යත්වය යළි ප්‍රේමණීයත්වයට පත් කිරීම අපේ අරමුණයි.


  • අමරණීය මතක සුවද
  • රාත්‍රී 09.30 – රාත්‍රී 10.15

    සිකුරාදා

    ග්‍රැමෆෝන් යුගය යනු, රසවත් එක් කාල පරිච්ඡේදයක් මෙන් ම ලාංකීය ජන විඥාණයේ රැදුණු සැමැරුම් දනව්වක් ද වේ. ඉන් වෑහෙන මිහිර කාලත්‍රයට ම පොදු නිමිත්තක්ව, රසික සිත් සතන් සුවපත් කරයි. මෙම වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වූ කලී, ඒ අතීතය ආවර්ජනය කිරීම මෙන් ම වත්මන් නිර්මාණකරුවන්ට ද ඉන් උගත හැකි දෑ කොතෙක් ද යන්න වටහා දීමයි.



  • බක් මී විල්ලුව
  • රාත්‍රී 09.30 – රාත්‍රී 10.15

    සෙනසුරාදා

    ලාංකීය සිනමා වංශ කතාවේ මියුරු මතකයන් ඔබේ රස වින්දනය උදෙසා පිරිනමන ගිතාවලිය...


  • මධුරසාංජලී
  • රාත්‍රී 09.30 – රාත්‍රී 10.15

    ඉරිදා

    උත්තර භාරතීය සිනමාවේ මියුරු රසයන් ඔබට සමීපවන භාරත ගීතාවලිය...


  • තිත්ත වුණත් ඇත්ත
  • පෙ.ව.07.00 - පෙ.ව.08.00

    අගහරුවාදා

    සත්‍යය වසන් කරන සමාජයක, සත්‍යය හඹා යන, සත්‍යවාදී ගවේෂණය...


Other Links

Golden Temple

Visit Site

PEO Tv
CH 22 Island Wide

More Info

Request Song


Latest Requests From
message user image
Jerryrek
message user image
Charlescip
message user image
SeregaZet1976




Rangiri Sri Lanka Media NETWORK